AA Поделиться

හඬා වැටෙනා පතිනිය

පාට සළු පිළි ගත දොවාගෙන

හිමියනේ මම පාර බැලුවට

දනිමි පෙර මෙන් නැවත කිසිදා

නුඹ නොඑන බව මා කරා

මගේ සෙනෙහස හැරදමා ඔබ

ඇගේ යහනට කූඩු වූයේ

ඇය තරම් මා සතුව හැඩ වැඩ

නැති නිසා බව වැටහුනා

හැකිය මා හට පාට තවරා

දුහුල් සළු පිළි ගතේ දවටා

දෙතොල් තද රත් පැහැය තවරා

ඉන්න ඇය මෙන් හැඩ වෙලා

නමුත් කෙලෙසක මෙමා ඉන්නද

බිලිඳු සිහිනය කුසදරා

ඉතින් කම් නෑ මවකි මා හෙට

ඔබේ පැටියට දිවිතුරා

❤writen by Alone heart

18 октября 2021 г. 11:43:43 0 Отчет Добавить 0
~

Больше историй